හජ් වන්දනාව අතරතුර පුද්ගලයින් 1,301ක් දෙනෙකු මිය ගොස් ඇති බව සෞදි අරාබිය පවසනවා.
අධික උෂ්ණත්වයක් යටතේ දිගු දුර ප්‍රමාණයක් ගමන් කළ අනවසර වන්දනාකරුවන් බොහෝ පිරිසක් මෙලෙස මිය ගොස් තිබෙනවා.
ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක අගයක් ගෙන තිබුණා. මියගිය අයගෙන් හතරෙන් තුනකට වැඩි පිරිසකට එහි රැඳී සිටීමට නිල බලපත්‍ර නොතිබූ බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ඔවුන්ට නවාතැන් ගැනීමට ස්ථාන පවා නොමැතිව හිරු එළියට අධික ලෙස නිරාවරණය වීම නිසා තාප ආඝාත තත්ත්වයට පත්ව මෙලෙස මිය ගොස් තිබෙනවා.
මියගිය අයගෙන් සමහර පිරිස් වයෝවෘද්ධ හෝ නිදන්ගත රෝගාතුර වූවන් වන අතර,
මේ වන විට 4000 ත් 5000 ත් අතර වන්දනාකරුවන් විව්ධ හේතුන් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 140,000කට වැඩි පිරිසක් ජුනි මස 15 වන දින සිට මක්කා හා මීනාහි ඇති ස්ස්ථාපිත කර ඇති විවිධ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන මගින් ප්‍රතිකාර ලබා ගන්නා බවද වාර්තා වේ.