රුසියාව සිය න්‍යෂ්ටික අවි වැඩිදියුණු කිරීමට සූදානම් වේ.
සිය අවි ගබඩාව ගෝලීය බල තුලනය පවත්වා ගැනීම සඳහා උපාය මාර්ගික සාධකයක් ලෙස සලකන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
තම රාජ්‍යයේ පැවැත්ම අවදානමට ලක්වුවහොත් රුසියාව ආරක්ෂා කර ගැනීම සඳහා න්‍යෂ්ටික අවි භාවිතය ඇතුලු සියලුම මාර්ග භාවිතා කරන බවයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.
බටහිරට අනතුරු ඇඟවීමේ අරමුණින් පසුගිය මාසයේ න්‍යෂ්ටික අවි යොදා ගනිමින් යුධ අභ්‍යාස සිදු කරන ලෙස පුටින් නියෝග කර ඇති බවද වාර්තා වේ.
ගොඩබිමේදී භාවිත කරන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල, සබ්මැරීනයෙන් දියත් කරන ලද බැලස්ටික් මිසයිල සහ උපාය මාර්ගික බෝම්බ හෙලන යානා සියල්ලටම න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි ලෙස ද සංවර්ධනය කර තිබේ.