Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව නව ඡන්දදායකයන් ලක්ෂ දෙකක්

2024 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව නව ඡන්දදායකයන් ලක්ෂ දෙකක්

2024 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව නව ඡන්දදායකයන් ලක්ෂ දෙකක්

ඉදිරි ජනාධිපතිවරණය 2024 නව ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ලබන ජූලි 15 වැනිදා වනවිට අවසන් ලේඛනයට අත්සන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

2023 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව මෙවර නව ඡන්දදායකයන් ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇති බවට මැතිවරණ කොමිසම නිගමනය කර තිබෙනවා.

ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන මස 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට ලැබෙන අතර, එම මස අගදී බොහෝ දුරට ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Exit mobile version