Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාරයේ දරිද්‍රතාව ඉහළට – ලෝක බැංකුව

මියන්මාරයේ දරිද්‍රතාව ඉහළට - ලෝක බැංකුව

මියන්මාරයේ දරිද්‍රතාව ඉහළට - ලෝක බැංකුව

මියන්මාරයේ දරිද්‍රතාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිවේදනය කරනවා.

මියන්මාරයේ ආර්ථික වර්ධන වේගයේ ඉහළ යාමක් දක්නට නොලැබෙන බවයි ලෝක බැංකුව නිවේදනය කරන්නේ.
මෙම මූල්‍ය වර්ෂය තුළදී එරට ආර්ථික වර්ධන වේගය 1% මට්ටමේ පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.

ප්‍රචන්ඩ ක්‍රියා, ශ්‍රම හිගය හා එරට මුදලේ වටිනාකම සීඝ්‍රයෙන් පහළ යාම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපාරවල නිරත වීම අතිශය දුෂ්කර මට්ටමකට පැමිණ ඇති බවයි ලෝක බැංකුව තවදුරටත් පවසන්නේ.

මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වු වසර තුළදී එරට දළ දේශීය නිෂ්පාදිතයද 1%ක මට්ටමේ පවතින බව සදහන්. 2021 වසරේ පෙබරවාරි මාසයේදී කුමන්ත්‍රණයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉවත් කර එරට බලය අත්පත් කර ගැනීමට හමුදාව කටයුතු කර ඇත.

Exit mobile version