Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංවර්ධන නිළධාරීන්ට නිවේදනයක්

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන පරිදි අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇත.

දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වේ.
විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ නොලැබුණු අපේක්ෂකයින් හට සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත හැකි බවත් අදාළ නිවේදනයෙහි දැක්වෙයි.

Exit mobile version