Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළට

මෙරට පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළට

මෙරට පරිගණක සහ ඩිජිටල් සාක්ෂරතාව ඉහළට

මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

2023 වර්ෂයේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට අවුරුදු 05ත් 69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පරිගණක සාක්ෂරතාව පවතින බව සඳහන්වේ.

එමෙන්ම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින අතර එය සියයට 63.5ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙරට පවුල්වලින් සියයට 20.2ක් ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිතා කරන අතර නාගරික ජනතාවගේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙන බවද වාර්තා වේ.

2021 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 4.7කින් ඉහළ ගොස් ඇති අතර වැඩිම පරිගණක සාක්ෂරතාවයක් වන සියයට 52.9ක් නාගරික ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ද සඳහන්වේ.

බස්නාහිර පළාතේ වැඩිම පරිගණක සාක්ෂරතාවයක් පවතින අතර නැගෙනහිර පළාතේ අඩුම පරිගණක සාක්ෂරතාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Exit mobile version