Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එවරස්ට් කන්දෙන් සහ හිමාලයේ තවත් කඳු දෙකකින් ටොන් 11ක කසල

එවරස්ට් කන්දෙන් සහ හිමාලයේ තවත් කඳු දෙකකින් ටොන් 11ක කසල

එවරස්ට් කන්දෙන් සහ හිමාලයේ තවත් කඳු දෙකකින් ටොන් 11ක කසල

එවරස්ට් කන්දෙන් හා හිමාලයේ තවත් කදු දෙකකින් ටොන් 11ක කසල ඉවත් කර තිබෙනවා.

මෙම වසර තුළ දී ඉවත් කළ කසල ටොන් 11ට මළසිරුරු 4ක් හා මිනිස් ඇටසැකිල්ලක්ද අයත් බවයි නේපාල හමුදාව සඳහන් කර ඇත්තේ.

එවරස්ට් කන්ද ඇතුලු හිමාල කදු තරණය කිරීමට පැමිණෙන සංචාරකයින් ඉවතලන අපද්‍රව්‍යයයි මෙලෙස ඉවත් කර ඇත්තේ.

ඒ සඳහා නේපාල හමුදාව දින 55ක කාලයක් ගතවී තිබෙනවා.

කෙසේ වුවද මිනිසුන් ඉවතලු අපද්‍රව්‍ය ටොන් 50කට අධික සංඛ්‍යාවක් හා මළසිරුරු 200කට අධික සංඛ්‍යාවක් තවදුරටත් එවරස්ට් කන්ද හා අවට ප්‍රදේශයේ ඇති බවට ගණන් බලා තිබෙනවා.

වසරක් පාසා නේපාල හමුදාව මෙලෙස අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරන අතර ඔවුන් මේ වන විට කසල ටොන් 119ක්, මළසිරුරු 14ක් හා ඇටසැකිලි කිහිපයක් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version