Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විකුම් හර්ශනගෙන් ලංකාවේ ප්‍රධාන ගංගා දෝණී 103 විස්තරාත්මක සිතියමක්

” alt=”ගංගා දෝණී 103″ />

ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් තියෙනවා.

මෙම ගංගා ද්‍රෝණි 103 ශ්‍රී ලංකාවේ භූමියෙන් 90% ක් පුරා පවතිනවා.

ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුදු තීරයන්වල පිහිටි ජල විද්‍යාත්මක අතින් නොවැදගත් අවශේෂ බිම් ඉතිරි 10% ට අයත් වෙනවා.

ශ්‍රී ලංකාවේ විශාලතම ගංගා ද්‍රෝණිය වන මහවැලි ගංගා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 10,327 ක් පුරා විහිදී පවතිනවා.

එය ශ්‍රී ලංකාවේ මුළු වර්ගඵලයෙන් 16% ක් සහ මුළු ජල පරිමාවෙන් 19% ක් වෙනවා.

ශ්‍රී ලංකාවේ කුඩාම ගංගා ද්‍රෝණිය වන්නේ වර්ග කිලෝමීටර 9 ක පවතින තුම්පන්කෙනි ජලාශය ආශ්‍රිත ගංගා ද්‍රෝණියයි.

ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 12 හි වර්ගඵලය, මුළු වර්ගඵලයෙන් 80% ක් වෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 25 හි ජල පරිමාව, මුළු ජල පරිමාවෙන් 80% ක් වෙනවා.

මෙම ගංගා ද්‍රෝණි 103 න් වර්ගඵලය වර්ග කිලෝමීටර් 1,000 කට වඩා වැඩි ගංගා ද්‍රෝණි තියෙන්නේ 17 ක් පමණයි.
1) මහවැලි ගඟ – 10,327
2) මල්වතු ඔය – 3246
3) කලා ඔය – 2772
4) කළු ගඟ – 2688
5) දැදුරු ඔය – 2616
6) වලවේ ගඟ – 2442
7) කැලණි ගඟ – 2278
8) ගල් ඔය – 1792
9) මාරු ඔය – 1541
10) යාන් ඔය – 1520
11) මී ඔය – 1516
12) මහා ඔය – 1510
13) මුන්දෙනි ආරු – 1280
14) මැණික් ගඟ – 1272
15) කුඹුක්කන් ඔය – 1218
16) කිරිඳි ඔය – 1165
17) මා ඔය – 1024

ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි අංකනය කරන්නේ හරි අපූරු විදියකටයි. ඒ අනුව,
අංක 1 ගංගා ද්‍රෝණිය වෙන්නේ කැලණි ගඟ ගංගා ද්‍රෝණියයි.
එතැන් සිට වාමාවර්ත දිශාවට අනිත් ගංගා ද්‍රෝණි අංක කෙරෙනවා.
අවසාන අංකය වන අංක 103 ගංගා ද්‍රෝණිය වෙන්නේ අත්තනගලු ඔය ගංගා ද්‍රෝණියයි.

සාම්ප්‍රදායානුකූලව වසර මුළුල්ලේ ජලය ගලා යන්නේ නම් එය “ගඟ”ක් යනුවෙන්ද වැසි නොමැති සමයේදී වියැකී යන්නේ නම් එය “ඔය” හෝ “ආර” යනුවෙන්ද නම් කිරීමෙන් දියමං හා ගංගා වෙන්කර හඳුනාගෙන තියෙනවා.

දත්ත : ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය – දෙවන සංස්කරණය : පළමුවන වෙළුම (ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

– විකුම් හර්ෂණ –

Exit mobile version