Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිදුවට රජයෙන් රු.10,000ක්

ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිදුවට රජයෙන් රු.10,000ක්

ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිදුවට රජයෙන් රු.10,000ක්

ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රහස්පතින්දා දින (06) මේ බව පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ මේ සඳහා රජය මිලියන 150ක මුදලක් වෙන් කර ඇති බවයි.

ජලය බැස ගිය පසුව අදාළ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා මෙම මුදල ලබා දෙන අතර එය වගකීමෙන් අවශ්‍ය ජනතාව වෙත බෙදා දීමේ කටයුතු සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා තවදුරටත් පවසා සිටියේය.

Exit mobile version