Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි

2024 උසස් පෙළ විභාගය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගත් දරුවන්

2024 උසස් පෙළ විභාගය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගත් දරුවන්

අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ජුනි මස 5 වනදා සිට ලබන
19 වනදා දක්වා ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් හෝ එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වන ඩී ඕ ඊ (DOE) වෙත පිවිස එක්ස්සෑම් ඉන්ෆෝමේෂන් සෙන්ටර් (Exam information Center) මත ක්ලික් කිරීමෙන් එය සිදුකළ හැකි වනවා.

එසේ නැති නම් ඔන්ලයින් එක්ස්සෑම්ස් ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ ස්ලැෂ් ඊ අයි සී (onlineexams.gov.lk/eic) වෙත පිවිසිම මගින්ද නැවත සමීක්ෂණ අයදුම්පත් යොමුකළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සාමාන්‍ය පොදු පරීක්ෂණය සදහා ලකුණු 30ට වඩා අඩුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබු අයදුම්කරුවන්ටද එම විෂය සදහා නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකියි.

Exit mobile version