Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධව අධිකරණය දුන් තීන්දුව

වතු සේවකයින්ට රු1700 ගෙවන්න සමාගම් 7ක් එකඟයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වතු සේවකයින්ට රු1700 ගෙවන්න සමාගම් 7ක් එකඟයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වතු සේවකයින් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට තින්දු කරමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇතුළු පිරිසක් වෙත ජූනි මස 26 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් මිනිසුරු මඩුල්ල නියම කළේය.

Exit mobile version