Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු කොරියාවට අපද්‍රව්‍ය සහිත බැලූන පතිත වේ

දකුණු කොරියාවට පතිත වූ අපද්‍රව්‍ය සහිත බැලූන

දකුණු කොරියාවට පතිත වූ අපද්‍රව්‍ය සහිත බැලූන

අපද්‍රව්‍ය සහිත බැලූන 260ක් පමණ දකුණු කොරියාවේ විවිධ ස්ථානවලට පතිත වී ඇති බව එරට බලධාරීන් පවසයි.

උතුරු කොරියාවෙන් එම බැලූන එවා ඇති බවට සැකකෙරෙන අතර එම බැලුන වැටුණු ප්‍රදේශවල ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙසත් එම බැලුන ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් දකුණු කොරියානු බලධාරීන් දැනුම්දී තිබේ.

සුදු වර්ණයෙන් යුතු බැලුන දකුණු කොරියාවේ ප්‍රාන්ත 8කට හෝ 9කට පතිත වී ඇති බව වාර්තා වෙයි.

එම බැලුන සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹු බව එරට බලධාරීන් පැවසීය.

Exit mobile version