Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සර්වජන බලය නමින් තවත් නව දේශපාලන සන්ධානයක්

සර්වජන බලය නමින් තවත් නව දේශපාලන සන්ධානයක්

සර්වජන බලය නමින් තවත් නව දේශපාලන සන්ධානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත රැසක් සමගින් ‘විවේචන වෙනුවට විසඳුම්, පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක්’යන තේමාව යටතේ ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් සඳුදා දින(27) පිහිටුවීය.

මෙහිදී එම සියලුම දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ප්‍රධාන වශයෙන් මව්බිම ජනතා පක්ෂය සමඟ එකතු විය.

කොළඹදී පැවැති එම දේශපාලන සන්ධානයට අත්සන් කිරීමේ අවස්ථාවට දේශපාලන පක්‍ෂ නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පක්‍ෂ නියෝජිතයෝ සහභාගි වූහ.

එම සන්ධානයට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ඩී. බී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සහ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන එම සන්ධානයට අත්සන් තැබූහ.

Exit mobile version