Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැපුවා නිව්ගිනියා නායයෑමෙන් 670ක් පොළොවට මිහිදන් වේ

පැපුවා නිව්ගිනියා නායයෑමෙන් 670ක් පොළොවට මිහිදන් වෙලා - එ.ජාතීන්

පැපුවා නිව්ගිනියා නායයෑමෙන් 670ක් පොළොවට මිහිදන් වෙලා - එ.ජාතීන්

පැපුවා නිව්ගිනියාවේ පසුගියදා සිදුවූ දැවැන්ත නායයෑමකින් 670 දෙනකු පොළොවට මිහිදන් වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින් තක්සේරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැපුවා නිව්ගිනියාවේ එංගා ප්‍රාන්තයේ එම නාය යෑම සිදුවී තිබූ අතර, නාය යෑමෙන් ගම් 6ක් යට වූ බව වැඩිදුරටත් වාර්තා වේ. මෑත ඉතිහාසයේ පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන එම නාය යෑමෙන් නිවාස 150ක් පොළොවට මිහිදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එම ප්‍රදේශයේ පුද්ගලයන් හාරදහසකට අධික සංඛ්‍යාවක් ජීවත්වූ බවත්, ඉන් දහසකට අධික පිරිසක් අවතැන් වී ඇතැයි ද වාර්තා වේ. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා ආරම්භ කළ මෙහෙයුම මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර, හදිසි ආපදා කළමනාකරණ කණ්ඩායම්වලට අමතරව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවද මෙහෙයුමට යෙදවීමට එරට අගමැති ජේම්ස් මරාපේ සඳහන් කර ඇතැයිද වාර්තා වේ.

Exit mobile version