Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොලොම්බියාවෙන් පලස්තීන රමල්ලා නුවරට තානාපති කාර්යාලයක්

කොලොම්බියාවෙන් රමල්ලා නුවරට තානාපති කාර්යාලයක්

කොලොම්බියාවෙන් රමල්ලා නුවරට තානාපති කාර්යාලයක්

පලස්තීනයේ රමල්ලා නුවර නව තානාපති කාර්යාලයක් විවෘත කරන ලෙස කොලොම්බියාවේ ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ සිය නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි එරට විදේශ ඇමැති ලුයිස් ගිල්බර්ටෝ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරියේදී තවත් රටවල් රැසක් කොලොම්බියාව අනුගමනය කරමින් පලස්තීනයේ තානාපති කාර්යාල ස්ථාපිත කරනු ඇතැයි කොලොම්බියා විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ගාසා තීරයේ යුද අර්බුදය මුල් කරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර කොලොම්බියා තානාපතිවරයා නැවත කැඳවූ ජනාධිපති ගස්ටාවෝ පෙට්රෝ ඊශ්‍රායලය සමඟ සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අවසන් බව නිවේදනය කළ අතර, පසුගිය 3වැනිදා එම තානාපති කාර්යාලය වසා දැමීමට උපදෙස් දුන් බවද වාර්තා වේ.

කොලොම්බියාවේ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර ඇති ඊශ්‍රායල විදේශ ඇමැති ඉස්රායිල් කට්ස් ඔහු යුදෙව් විරෝධියකු බවට චෝදනා එල්ල කර ඇතැයිද වාර්තා වේ.

Exit mobile version