Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තේ පොහොරවලට මිලියන 12,000ක්

තේ පොහොරවලට මිලියන 12,000ක්

තේ පොහොරවලට මිලියන 12,000ක්

තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය හා පොහොර අර්බුදය නිසා තේ වගාව සඳහා පොහොර යෙදීම අවම විය. මේ නිසා තේ අස්වැන්නෙහි සැළකිය යුතු අඩු වීමක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.

මේ නිසා වී වගාව සඳහා පොහොර සහනාධාරයක් ලබා දුන් පරිදි තේ සඳහාද පොහොර සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සඳහා තේ මණ්ඩලයට රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කරන ලෙස තමන් උපදෙස් දුන් බවද ප්‍රකාශ අකර තිබෙනවා.

එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර වෙළෙඳපළේ අලෙවි වන මිලට වඩා සියයට 50ක පමණ අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙළෙඳපළේ රුපියල් 13,000ක් පමණ වන තේ පොහොර මිටියක් රුපියල් 5,500 සහා 7,500ට මිල දී ගැනීමට හැකියි.

පසුගිය කාලය තුළ මෙම පොහොර වැඩ පිළිවෙලෙහි යම් පසුබෑමක් දක්නට ලැබුනු හෙයින් තේ කර්මාන්තකරුවන් තේ පොහොර යෙදීමට කළ සාකච්ඡා සාර්ථක වී තිබේ. ඒ අනුව තේ පොහොර තේ වගාකරුවන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා තේ කර්මාන්තකරුවන්ගේ මැදිහත් වීම මත පොහොර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ නිසා ලබන වර්ෂය වන විට මෙරට තේ නිෂ්පාදනය නැවත වරක් ඉහළ යන බවත් ඒ සඳහා තමන් විශ්වාසය පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලා.

Exit mobile version