Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක්

විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක්

විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක්

වැසි බර කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පහත ක්‍රමවේදයන් අනුගමනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර පසුගිය දින 3 තුල විදුලිය බිඳ වැටීම් 36,900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එමගින් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය ඇණ හිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වාර්තා කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් අමතර සේවා පිරිස් යොදවා ඇති අතර විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ සේවා නිලධාරීන් පැය 24 පුරා එම කටයුතු වල නිරත වන බවද සඳහන්.

විදුලි බිඳ වැටීම් පිළිබඳව දැනුවත් කිරිමට ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987ට BD හිස්තැනක් සමග විදුලි පාරිභෝගික අංකය(BD XXXXXXXXX) මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් CEB Care යෙදුම මගින් හෝ cebcare.ceb.lk වෙබ් පිටුටව පිවිස ද දැනුවත් කල හැකියි.

විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක්
Exit mobile version