Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේදි අත්අඩංගුවට පත්වු ත්‍රස්තවාදීන් යැයි සැකකරන පුද්ගලයින් විමර්ශනයට විශේෂ කමිටුවක්

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාස 6කට අත්හිටුවයි

පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාස 6කට අත්හිටුවයි

ප්‍රහාරයක් සඳහා පැමිණ සිටියදී ඉන්දියාවේ අහමදා බාත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු ත්‍රස්තවාදීන් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙම ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අහමුදාබාද් ගුවන් තොටුපොළේදී ගුජරාටි ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 20 වැනිදාය.

ඔවුන් ඉන්දියාවේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් පැමිණ සිටි බවට ඉන්දිය ආරක්ෂක බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවෝ සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

එම සිවු දෙනා සම්බන්ධයෙන් මෙරට ත්‍රස්තවාදී විමර්ශන සහ තවත් විමර්ශන අංශ කිහිපයක්ද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.

Exit mobile version