Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෙසක් පෝයට සිරකරුවන් 278කට ජනපති සමාව

පොසොන් පොහොයට රැඳවූවන් 289 දෙනෙකුට රාජ්‍ය සමාව

පොසොන් පොහොයට රැඳවූවන් 289 දෙනෙකුට රාජ්‍ය සමාව

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කර ඇත. මෙයින් 10 දෙනකු කාන්තාවන් වේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව මෙම සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාව හිමිවී ඇති අතර ඔවුන් බ්‍රහස්පතින්දා දින (23) පෙරවරුවේ නිදහස ලබා බන්ධනාගාරවලින් පිටව යාමට නියමිතය.

2024.05.23 දින වන විට බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන(ගත කරන ලද) ලද දඩුවම් කාලය වසරකට හෝ ඉන් කොටසකට සති එකක (සති 01ක්) සමාවක් ප්‍රදානය කිරීම, දඩ මුදල් නොගෙවීම නිසා 2024.05.23 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම යටතේ මෙම සිරකරුවන් 278 දෙනාට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කෙරේ.

මේ අතරින් වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙනි.

එහි සංඛ්‍යාව 37 කි. කෑගල්ල බන්ධනාගාරයෙන් සිරකරුවන් 29ක්ද, වාරියපොළ බන්ධනාගාරයෙන් සිකරුවන් 27ක්ද,,අනුරධපුර බන්ධනාගාරයෙන් 20ක්ද,,බෝගම්බර බන්ධනාගාරයෙන් 17ක්ද, කළුතර බන්ධනාගාරයෙන් 16ක්ද,,ගාල්ල 12ක්ද,,කුරුවිට බන්ධනාගාරයෙන් 12ක්ද වශයෙන් බන්ධනාගාර 29කින් මෙම සිරකරුවන් 278 දෙනා නිදහස් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version