Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් රහුමාන් (VIDEO)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා, අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලය ලබාගත් විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වූ නිලධාරින් තිස් දෙනෙකු මාරුකර යවා ඇති බවත්, මින් ඇතැම් නිලධාරීන් මාරුකර යවා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පවා දිවුරුම් දීමට පෙර බවටත් ඔහු මෙහිදී හෙළිකර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ රැඳී සිටිම්න් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් රැඳී සිටි කාමරයේ ඔහුට පෙර නවාතැන් ගෙන සිටි අමුත්තන් සම්බන්ධ තොරතුරු සියල්ල අතුරුදන්වීමේ සිදුවීමක් පිළිබඳ ද ඔහු මෙහිදී කරුණු හෙළිකර තිබෙනවා.

Exit mobile version