Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිර්වින්දන එන්නත් වර්ග 08ක් ගැන අධිකරණය දුන් තීන්දුව

කෝටි 5000කට අධික මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප

කෝටි 5000කට අධික මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප

නිර්වින්දන කටයුතු මෙන්ම මොලය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පසුගියදා (14) අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණා.

මෙම නඩුවට පාදක වන එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ජූනි මස 20 වනදා දක්වා කල් තැබීමට තීන්දු කර ඇත.

Exit mobile version