Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතියක් ඇතුළත රෆා නුවරින් පලස්තීනුවන් ලක්ෂ 41/2ක් පලාගොස් – එක්සත් ජාතීන්ගේ සංවිධාන

සතියක් ඇතුළත රෆා නුවරින් පලස්තීනුවන් ලක්ෂ 41/2ක් පලාගොස් - එක්සත් ජාතීන්ගේ සංවිධාන

සතියක් ඇතුළත රෆා නුවරින් පලස්තීනුවන් ලක්ෂ 41/2ක් පලාගොස් - එක්සත් ජාතීන්ගේ සංවිධාන

සතියක් ඇතුළත ගාසා තීරයේ රෆා නුවරින් පලස්තීන වැසියන් ලක්ෂ හතරහමාරක් පලාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රකාශ කර තිබේ.

රෆා නගරයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නියෝගයට අනුව පලස්තීන වැසියන් තවදුරටත් පලා යමින් සිටින බවද වාර්තා වේ.

මේ වන විටත් ඊශ්‍රායල හමුදාවට අයත් යුද ටැංකි විශාල ප්‍රමාණයක් රෆා නුවරට පැමිණ ඇති බවත්, හමාස් සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර සිදු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පලා යමින් සිටින පලස්තීන වැසියන් අතර ඔත්පල වූ වයෝවෘද්ධ පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන්ද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ත්‍රස්ත ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර, වහාම සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් කරනු ලැබූ ඉල්ලීම් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉවත දමා ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Exit mobile version