Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් කෝටි ගණනින් බදු මුදල් පැහැර හැරිය ආයතන හා පුද්ගලයින් 4479ක්

රුපියල් කෝටි ගණනින් බදු මුදල් පැහැර හැරිය විවිධ සමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක්

රුපියල් කෝටි ගණනින් බදු මුදල් පැහැර හැරිය විවිධ සමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක්

විවිධ සමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයන් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ඊට මත්පැන් නිෂ්පාදන ආයතන රැසක්ද ඇතුළත් වන බව පැවසූ හෙතෙම මෙම පිරිසෙන් කෝටියේ සිට එක්කෝටි පනස් ලක්ෂය දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 3108ක් බවද ප්‍රකාශ කළේය.

කෝටි පහේ සිට කෝටි දහය දක්වා මුදලින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 632ක් බවත් රුපියල් කෝටි දහයේ සිට කෝටි 30 දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 457ක් බවත් මහාචාර්යවරයා කීවේය.

රුපියල් කෝටි තිහේ සිට රුපියල් කෝටි පනහ දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 104කි.

රුපියල් කෝටි පනහේ සිට කෝටි සියය දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 88ක් බවත් කෝටි 100ට වැඩි ගණනින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 90ක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

– lankadeepa

Exit mobile version