Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 මුල් මාස හතරේදී විදේශ ප්‍රේශණ ඉහළ මට්ටමකට

2024 මුල් මාස හතරේදී විදේශ ප්‍රේශණ ඇ.ඩො බිලියන 2ක්

2024 මුල් මාස හතරේදී විදේශ ප්‍රේශණ ඇ.ඩො බිලියන 2ක්

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස හතර සමග සන්සන්දනය කර බලන විට විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හතර තුළදී එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 11.4කින් ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විටදී මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රටට ලැබුණ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළ ගියේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 10,807ක මුදලක් විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවා ඇත.

අමාත්‍යවරයා, අමාත්‍යාංශය භාරගත් අවස්ථාව වන විට විදේශ ගත ශ්‍රමිකයින් මාසිකව මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබුණි.

ඒ වන විට පැවති තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ බෙහෙත් හිගය නැති කරමින් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මුදල් එවන ලෙසට “ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක්” වන ලෙසට ආයාචනා කළ අතර එසේ මුදල් එවීම සදහා දිරි ගැන්විම්ද කරනු ලැබීය.

නීත්‍යානුකූලව රටට මුදල් එවන ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර හදුන්වාදීම, නිවාස හා බහු කාර්ය ණය යෝජනා හදුන්වාදීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයින් සදහා වෙන්වු විශේෂ ද්වාරයක් හදුන්වාදීම වැනි පියවර ඒ සදහා ගනු ලැබීය.

Exit mobile version