Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් 20යි විස්ස ලෝක කුසලානයට

ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් 20යි විස්ස ලෝක කුසලානයට

ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් 20යි විස්ස ලෝක කුසලානයට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි ඇත.

ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු පහළවකින් පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩලු හයක් දැවී ලකුණු 149ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ විශ්මී ගුණරත්න පන්දු හතළිස් හතරකදී ලකුණු 45ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු කඩුළු දෙකක් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව එම ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීය.

Exit mobile version