Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට ජපාන අධිරාජ්‍යයා විසින් ‘ඕඩර් ඔෆ් ද රයිසින් සන්’ සම්මාන

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට ජපාන අධිරාජ්‍යයා විසින් 'ඕඩර් ඔෆ් ද රයිසින් සන්' සම්මාන

ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට ජපාන අධිරාජ්‍යයා විසින් 'ඕඩර් ඔෆ් ද රයිසින් සන්' සම්මාන

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ යන මහත්වරුන්ට ජපාන අධිරාජ්‍යයා විසින් ‘ඕඩර් ඔෆ් ද රයිසින් සන්’ සම්මානය පිරිනමනු ලැබ ඇත.

විදේශ රටවල් සමඟ තිබෙන ජපන් සබඳතා වැඩි දියුණු කිරීමට දායක වූ විදේශිකයන් වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම සම්මානය ‘ඕඩර් ඔෆ් ද රයිසින් සන්’ වේ.

ලංකා -ජපාන මිත්‍රත්ව සංගමයේ හිටපු සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු සභාපතිවරයාද වූ කෝසල රෝහණ වික්‍රමනායක මහතා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් අයෙකි.

ජපානයේ ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ හිටපු සභාපතිවරයා වන අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සහ ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.

Exit mobile version