Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෝබෝන් සරසවි සිසුවෝ පාරට බසිති; ඊශ්‍රායල විරෝධතා ප්‍රංශයටත්

සෝබෝන් සරසවි සිසුවෝ පාරට බසිති; ඊශ්‍රායල විරෝධතා ප්‍රංශයටත්

සෝබෝන් සරසවි සිසුවෝ පාරට බසිති; ඊශ්‍රායල විරෝධතා ප්‍රංශයටත්

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ප්‍රංශයේ පැරිස් නුවර සෝබෝන් පලස්තීන හිතවාදී විශ්වවිද්‍යාලයීය සිසු සිසුවියෝ විරෝධතා ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පලස්තීනය නිදහස් කරන්නැයි උද්ඝෝෂණය කරමින් සිසුසිසුවියෝ සෝබෝන් සරසවි භූමියේ කූඩාරම් ගසා සිය විරෝධතා සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ලොව පැරැණිතම විශ්වවිද්‍යාලයක් වන සෝබෝන්හි සිසු විරෝධතා සාමකාමීව පැවැති බවත්, ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැකීමට එම විරෝධතාව පැවත් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ අතර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල විරෝධතාවේ නිරත වු සිසු සිසුවියන් 50 දෙනකු පමණ මහ මාර්ගයට පිවිසිම වැළැක්වීම සඳහා පොලිසිය කැඳවා තිබූ බවද වාර්තා වේ. සිසු විරෝධතාවට සහාය පළ කරමින් ප්‍රංශයේ දේශපාලනඥයන් කිහිපදෙනකුද එම විරෝධතාවට සහභාගි වී සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Exit mobile version