Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

මැයි 3 වන සිකුරාදා දින (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩු කෙරෙනවා. එම මිල අඩුකිරීමත් සමග රුපියල් 4115ක්ව පැවති ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3940ක් වනවා.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මිල රුපියල් 32කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

මේ අතර (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන්ද අඩු කර තිබෙනවා.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,840ක්. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542ක් වෙනවා.

Exit mobile version