Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩ කරලා – ඇමෙරිකාව පවසයි

ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩ කරලා – ඇමෙරිකාව

ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩ කරලා – ඇමෙරිකාව

ඊශ්‍රායල හමුදා මානව හිමිකම් කඩකර ඇති බව ඇමෙරිකාව නිවේදනය කරනවා.

පසුගිය ඔක්තෝබර් 7වන දින ඊශ්‍රායලය ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර මෙම මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බවයි ඇමෙරිකාව සඳහන් කරන්නේ.

එලෙස මානව හිමිකම් කඩවූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තාවී ඇති බවයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඊශ්‍රායල භට කණ්ඩ 5ක් ඊට සම්බන්ධ බවද ඔවුන් සඳහන් කරනවා. කෙසේ වුවද තමන් අඛණ්ඩව ඊශ්‍රායලයට යුද ආධාර සපයන බවද ඇමෙරිකාව පවසනවා.

ඇමෙරිකාව වාර්ෂිකව ඊශ්‍රායලයට ඇමෙරිකා ඩොලර් බිලියන 4කට ආසන්න යුද ආධාර ලබාදෙන බවයි වාර්තා වන්නේ.

මානව හිමිකම් කඩවූ බව පවසමින් අඛණ්ඩව ඔවුන්ට අවශ්‍ය යුද ආධාර ලබාදීමේ ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට මේ වනවිට විට ඇමෙරිකාව ලක්ව සිටිනවා.

Exit mobile version