ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ සුන්බුන් ටොන් මිලියන 37ක් ගොඩගැසී ඇතැයිද, පිපිරීමට ලක් නොවූ බෝම්බ විශාල ප්‍රමාණයක්ද ඒ අතර ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාකයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධානි පෙහ්ර් ලෝඩාමර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාසා තීරයේ නේවාසික ගොඩනැඟිලිවලින් 65%ක්ම විනාශ වී ඇති බවත්, සියලු සුන්බුන් ඉවත් කිරීමට වසර 14ක් ගතවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ විශාල බිම් ප්‍රමාණයක් මුළුමනින්ම නටබුන් බවට පත්වී ඇතැයිද, එම ප්‍රහාරවලින් පුපුරා නොගිය බෝම්බ 10%ක ප්‍රමාණයක් ඉතිරිව ඇතැයිද ඉරාකයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කර තිබේ.