Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවේ 15%කට ආසන්න පිරිසකට ඇදුම රෝගය – අනාවරණයක්

මෙරට ජනගහණයෙන් 15%කට ආසන්න පිරිසකට ඇදුම රෝගය - අනාවරණයක්

මෙරට ජනගහණයෙන් 15%කට ආසන්න පිරිසකට ඇදුම රෝගය - අනාවරණයක්

මෙරට ජනගහණයෙන් 15%කට ආසන්න පිරිසකට ඇදුම රෝගය සම්බන්ධ රෝග ලක්ෂණ පවතින බව පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා.

නමුත් වෛද්‍යවරුන් පවසන්නේ ඇදුම රෝගය නිවැරදිව පාලනය කළ හැකි රෝගයක් බවටයි.

මෙම රෝගය නිසා වසරකදී ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 5ක් ජීවිතක්ෂයට පත්වන බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක සඳහන් කර සිටියේ නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුළින් ඇදුම රෝගය නිවාරණය කරගත හැකි බවයි.

ලෝක ඇදුම දිනය ලබන මස 7 වනදාට යෙදී තිබෙනවා.

Exit mobile version