Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුරෝපයේ ගුවන් මාර්ගවල වෙනසක්

යුරෝපයට යන ගුවන් මාර්ගවල වෙනසක්

යුරෝපයට යන ගුවන් මාර්ගවල වෙනසක්

යුරෝපා ගමනාන්ත සඳහා පවතින ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක පියවරක් ලෙස එම ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදු වන බවයි.

ඒ අනුව යුරෝපයට පියාසර කරන වේලාවන් දීර්ඝ කර ඇති බව සඳහන්ය.

එම තත්ත්වය හේතුවෙන් ගුවන් යානා සඳහා අමතර ඉන්ධන අවශ්‍ය වන අතර එයට පිළියමක් ලෙස ගුවන් යානයේ රැගෙන යා හැකි බර ප්‍රමාණය අඩු කිරීමට කටයුතු යොදනු ඇත.

මේ අතර ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානා නියමිත වේලාවට පැයකට පෙර ගමන් ආරම්භ කිරීමට නියමිතය.
මේ හේතුවෙන් ලන්ඩන් බලා ගමන් ගන්නා මගීන් ගුවන් තොටුපොළට කල්වේලා ඇතිව පැමිණිය යුතු බව ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වා ඇත.

Exit mobile version