Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට; ඉදිරි තරග සියල්ල අත්හිටුවයි

දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට; ඉදිරි තරග සියල්ල අත්හිටුවයි

දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට; ඉදිරි තරග සියල්ල අත්හිටුවයි

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණා.

මෙම අනතුරෙන් තවත් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

දියතලාව නරියා කන්දේ දී පැවැත්වෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර ධාවනයවෙමින් පැවති මෝටර් රථ තුනක් ධාවන පථයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම බිහිසුණු අනතුර සිදුවුණා.

එහිදී කුඩා දරුවෙකු, ට්‍රැක් මාර්ෂල්වරුන් සිව් දෙනෙකු ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරෙන් තවත් 24 දෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු අතර බරපතල තත්ත්වයේ කිහිප දෙනෙකු බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කෙරුණේ.

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ 17වන ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ එල් එස් එච් දෙදහ සීසී කාණ්ඩයේ තරග ඉසව්වේදී මෙම බිහිසුණු අනතුර සිදුවුණා.

එම ඛේදවාචකය සිදුවීමෙන් අනතුරුව තරගාවලියේ සෙසු තරග සියල්ල අත්හිටුවීමටයි සංවිධායකයින් තීරණය කළේ.

කෙසේ වුවද මෙම බිහිසුණ අනතුර සම්බන්ධයෙන් දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Exit mobile version