Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බැලිය යුතුයි – මහමුද් අබ්බාස්

ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බැලිය යුතුයි - මහමුද් අබ්බාස්

ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බැලිය යුතුයි - මහමුද් අබ්බාස්

ඇමරිකාව සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් යළි සිතා බැලිය යුතු බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා තම රට කළ ඉල්ලීම ඇමරිකාව නිෂේධ කිරීමෙන් පසු, පලස්තීන ජාතික අධිකාරිය ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බලන බව ඔහු පසුගියදා (20) පවසා සිටියේය.

ජාත්‍යන්තර නීතියට පටහැනිව ක්‍රියා කරන ඇමරිකාව ද්විරාජ්‍ය විසඳුම සම්බන්ධයෙන් මෙන්ම කලාපීය සාමය සහතික කරන බවට දී ඇති සියලු පොරොන්දු කඩ කර ඇතැයිද පලස්තීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඊශ්‍රායල – පලස්තීන ගැටුම විසඳීම සඳහා යුක්ති සහගතව ක්‍රියා නොකරන්නේ නම් කලාපීය ස්ථාවරත්වය සාක්ෂාත් නොවනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

Exit mobile version