Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සබරගමු සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් - අධ්‍යාපන අමාත්‍යාංශය

සබරගමු සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් - අධ්‍යාපන අමාත්‍යාංශය

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු මස 25 වෙනි දින තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබ තිබෙනවා.

මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවතින අතර ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ

Exit mobile version