Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුරෝපා සංගමයෙන් ඉරානයට සම්බාධක

යුරෝපා සංගමයෙන් ඉරානයට සම්බාධක

යුරෝපා සංගමයෙන් ඉරානයට සම්බාධක

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු ඉරාන සම්බාධක දැඩි කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරාන ඩ්‍රෝන හා මිසයිල නිෂ්පාදකයින්ට එරෙහිව සම්බාධක පුළුල් කිරීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා.

ඉරානය හුදකලා කිරීමට සෑම දෙයක්ම කිරීම ඉතා වැදගත් බවයි යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේ.

යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාවට ඩ්‍රෝන යානා විකිණූ සමාගම් වලට සේම ඉරානයට එරෙහිව ද මෙම සම්බාධක පනවා තිබීම විශේෂත්වයක්.

බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති සමුළුවේ දී යුරෝපා රටවල නායකයින් 27 දෙනා නව සම්බාධකවලට එකඟ වි ඇත.

ඉරානය, ඉරාකය, සිරියාව හා යේමනය යන රටවලින් මිසයිල හා ඩ්‍රෝන යානා 300කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම ප්‍රහාර එල්ල වි ඇත.

Exit mobile version