Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් සේවයෙන් වසරකට 5000ක් ඉවත්ව යයි

පොලිස් සේවයෙන් වසරකට 5000ක් ඉවත්ව යයි

පොලිස් සේවයෙන් වසරකට 5000ක් ඉවත්ව යයි

පොලිස් සේවයෙන් වසරකට පන්දහසකට වැඩි පිරිසක් ඉවත්ව යද්දී අලුතින් පන්සියයක් පමණක් බඳවා ගැනීමට අවසර දීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව බරපතළ ගැටලුවකට මුහුණ පා ඇත.

පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී හෙළි වී ඇත්තේ මසකට සාමාන්‍යයෙන් සියයත්, එකසිය පනහත් අතර ප්‍රමාණයක් සේවය අතහැර යාම්, වැඩතහනමට ලක්වීම් වාර්තා වන බවත් හාරදහසකට ආසන්න පිරිසක් මෙම වසරේ විශ්‍රාම යාමට සිටින බවයි.

එහිදී පොලිසිය අතහැර යන ප්‍රමාණයට සමගාමීව අලුතින් බඳවා ගැනීමට අනුමැතිය නොලැබෙන බැවින් පොලිසිය අතහැර යාම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන පොලිස්පතිවරයා විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ආධුනික නිලධාරීන්ට ඇති ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් පිළියම් යෙදීම, විවාහ වීමට ඇති බාධක ගැන සලකා බලා ආධුනිකයන් හට තෘප්තිමත් ලෙස සේවය කිරීමට ඉඩ සලසා දීම යන කරුණු කෙරෙහි අවධානය යොමු වී තිබේ.

Exit mobile version