Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙවර අවුරුදු සමයේ අනතුරුවල අඩුවීමක්

අවුරුදු සමයේ අනතුරුවල අඩුවීමක්

අවුරුදු සමයේ අනතුරුවල අඩුවීමක්

පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු දිනයේ සිදුව ඇති අනතුරුවල අඩුවීමක් වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

විවිධ අනතුරු හේතුවෙන් (14) උදෑසන 7න් අවසන් වූ ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ එහිදී රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37ක් රෝහල් ගතකර ඇති බවයි.
කෙසේවෙතත් පසුගිය 13වැනිදා ගිණිකෙළි අනතුරු කිසිවක් වාර්තා වී නොමැත.

Exit mobile version