Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීතියට පටහැනිව ජල සම්පාදනෙන් මිලියන 269ක් ‘ඵලදායී දීමනා’ ගෙවලා

නියමය නොසලකා ජල සම්පාදනෙන් මිලියන 269ක් 'ඵලදායී දීමනා' ගෙවලා

නියමය නොසලකා ජල සම්පාදනෙන් මිලියන 269ක් 'ඵලදායී දීමනා' ගෙවලා

රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ඵලදායී දීමනා නමින් රුපියල් මිලියන 269ක් ලෙස ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

රාජ්‍ය ව්‍යාපාර ආයතනයක් සේවකයන්ට දිරි දීමනා හෝ ප්‍රසාද දීමනා ගෙවිය යුත්තේ එහි ලාභ රජයේ ඒකාබද්ධ අරමුදලට යැවීමෙන් පසුව බවට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් 2021 නොවැම්බර් 17දා නිකුත් කර ඇති මෙහෙයුම් අත්පොතේ නියම කර ඇත.

එහෙත් එම නියමයට නොසලකා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් 2022 වර්ෂය වෙනුවෙන් සිය සේවකයන්ට මෙම ඵලදායී දීමනා ගෙවා ඇත්තේ එම ආයතනය එම වර්ෂයේ රුපියල් බිලියන තුනක පාඩුවක් ලබා තිබියදීය.

මෙම දීමනා ගෙවා ඇත්තේ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් ඇතිව බවද 2022 වසරට අදාලව නිකුත් කර ඇති වාර්ෂික විගණකාධිපති වාර්තාවේ ජල සම්පාදන මණ්ඩලය පිළිබඳ විගණන නිරීක්ෂණ යටතේ සඳහන් කර ඇත.

Exit mobile version