Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල්

2024 ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල්

2024 ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල්

එළැඹෙන ඔලිම්පික් තරගාවලියේ සිට මලල ක්‍රීඩා ඉසව්වල රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනමන පළමු ක්‍රීඩා සම්මේලනය බවටද ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පත්වෙයි.

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියේ සිට මෙම ත්‍යාග මුදල් ලබෙන අතර, රන් පදක්කම් ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක් හිමිවනු ඇත. මේ අනුව, ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් ත්‍යාග මුදල් ලෙස ලබාදීමට නියමිත සමස්ත මුදල ඩොලර් මිලියන 2.4කි.

මේ අතර, ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය.

Exit mobile version