Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

නව විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

නව විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවත් කංචන විජේසේකර මහතා නිකුත් කළ X පණිවිඩයේ සඳහන්ය.

විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුකිරීම සදහා ඉදිරිපත්කෙරුණු ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණේ එහි මතුව තිබුණු ගැටළු කිහිපයක් මුල් කරගනිමින්ය.

මේ කෙටුම්පත පසුගිය දෙසැම්බර් මස 09 වැනිදා ගැසට් පත්‍රෙය් පළ කර තිබුණි.

පල කළ කෙටුම්පතේ සිංහල භාෂා පිටපතේ මුද්‍රණ දෝෂ රැසක් පැවතීම මේ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචනයකි.
ඒ අනුව එය සංශෝධනය කිරීමට කටයුතු කෙරිණ.

Exit mobile version