Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතුරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට

කාන්තාවකට තනිව සංචාරයට හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව

කාන්තාවකට තනිව සංචාරයට හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ ලෝ ප්‍රකට ‘ටයිම් අවුට්’ (timeout.com) සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂණ වාර්තාවකට අනුවය.

තරුණ කාන්තාවන් බහු සංස්කෘතීන් සහිත රටවල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන අතර එහිදී කාන්තාවන්ට ඇති ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

වැඩි වශයෙන් මෙලෙස තනිව සංචාරය සඳහා වයස අවුරුදු 28ට අඩු තරුණ පිරිස් ප්‍රියතාවක් දක්වන බව සඳහන්වේ.

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතර දෙවන ස්ථානය පෘතුගාලයටත් තුන්වන ස්ථානය චෙකියා ජන රජයටත් හතරවන ස්ථානය ජපානයටත් ලැබී තිබේ.

කාන්තාවන්ට කිමිදීමට වඩාත් ආරක්ෂිත ස්ථාන, යුනෙස්කෝ ලෝක උරුම සහ නුවරඑළියේ චමත්කාරය, කන්ද උඩරට දුම්රිය සංචාර වැනි ආකර්ශනීය ස්ථාන හේතුවෙන් තනිව සංචාරයේ යෙදෙන විදේශීය කාන්තාවන්ට දකුණු ආසියාතික රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය ලෙස නම් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ 05 වන ස්ථානය ග්වාතමාලාවටත්, 06 වන ස්ථානට ග්‍රීසියටත්, 07වන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Exit mobile version