Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සතොසේ ආනයනික බිත්තරයක් රු. 36කට; අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහලට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහලට

අප්‍රේල් දෙවෙනිදා (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් ආනයනික බිත්තරය රුපියල් 36කට ලබාගත හැකි බව ලංකා සතොස පවසනවා.

එමෙන්ම ආනයනික බිත්තරවලට අමතරව ලොකු ලූනු, රතු ලූනු, කඩල, අර්තාපල්, LSL කිරිපිටි, පාන් පිටි, සුදු කැකුළු සහල් සහ සෝයා මීට් යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකද මිල අඩු කර ඇති බව සඳහන්.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන ලබාදීම අරමුණු කර ගනිමින් රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.

එම නිවේදනය පහතින්,

Exit mobile version