Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

නීති විරෝධී ක්‍රමවලින් රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම්දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන හමුදාව සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු සහ යුක්‍රේන හමුදා සමග එක්නොවන ලෙස එම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Exit mobile version