Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලාෆ්, ලිට්‍රෝ ගෑස් මිළ පහළට

ගෑස් මිල පහළට

ගෑස් මිල පහළට

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙයි

(01) මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි. කිලෝග්‍රෑම් 2.5ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772ක් වෙයි.

මේ අතර (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද පහත දැමීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩු කෙරේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,111කි. එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,652කි.

Exit mobile version