Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැල්ටිමෝ පාලම හදන්න ඩො.මි 60ක ආධාරයක්; ඩො. බි 3ක ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක්

බැල්ටිමෝ පාලම හදන්න ඩො.මි 60ක ආධාරයක්; ඩො. බි 3ක ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක්

බැල්ටිමෝ පාලම හදන්න ඩො.මි 60ක ආධාරයක්; ඩො. බි 3ක ඉති­හා­ස­ගත රක්ෂ­ණ වන්දි­යක්

නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ”ෆ්‍රැන්සිස් කොට් කී” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ, වානේ ටොන් 3,000ක් හෝ 4,000ක් පමණ වන පාලමේ සුන්බුන්වලට සිරවී ඇති නෞකාව ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමද මේ වන විට සිදු කරමින් පවතින බවයි.

පුද්ගලයින් 06 දෙනෙකුට මෙම සිද්ධියෙන් දිවි අහිමි වු අතර, කාර්ය බහුල නාවුක ගමන් මාර්ගයක් වුවත් මෙම සිද්ධියෙන් පසු තවමත් එම ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනය සිදු නොවේ.

පාලමෙහි සුන්බුන් ඉවත් කර වරායේ පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයිද වාර්තා වේ.

මේ අතර බැල්ටිමෝර් නුවර පාලම කඩා වැටීමෙන් සිදු වූ හානිය සඳහා වන රක්ෂණ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇතැයිද, එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ තනි අනතුරකට ගෙවනු ලබන විශාලතම සමුද්‍ර රක්ෂණය වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version