Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියන් ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක්

රුසියන් ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක්

රුසියන් ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක්

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60ක් ප්‍රකාශයට පත් වෙද්දීය.

ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවටද පුටින් පත්වෙයි.

රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය (17) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි.

Exit mobile version