Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වීසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු 158ක් මැලේසියාවේදි අත්අඩංගුවට

මැලේසියාවේ ඳී වීසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු 158ක් අත්අඩංගුවට

මැලේසියාවේ ඳී වීසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු 158ක් අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියා ආගමන විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 158 දෙනෙකුට වලංගු වීසා බලපත්‍ර නොමැති බවටයි හෙළිවී තිබෙන්නේ.

එම පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 8 දෙනෙක් සහ ගැහැණු ළමයින් 3 දෙනෙකු සිටින බව සඳහන්.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය සහ වියට්නාමය යන රටවල පුද්ගලයින්ද වනවා.

ඔවුන් වැඩි දෙනෙකු සංචාරක වීසා මත එරටට පැමිණ මහල් නිවාස කුලියට ගෙන විවිධ රැකියාවල නිරතව ඇති බවටයි වාර්තා වන්නේ.

බොහෝ පිරිසක් අවුරුද්දකට වැඩිකාලයක් මැලේසියාවේ නීතිවිරෝධි ලෙසද රැඳී සිට තිබෙනවා.

Exit mobile version