Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර

ජල හා මළාපවහන ගාස්තු අඩු කරයි

ජල හා මළාපවහන ගාස්තු අඩු කරයි

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

ඒ අනුව ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය.

මෙයට අමතරව ජල සම්පාදන ක්‍රම 15ක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවත් කළමණාකරනය කරමින් එම ප්‍රදේශවලට ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළාය.

මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවත් කළුආරච්චි මහත්මිය පැවසුවාය.

අවශ්‍යනම් ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා බවුසර් 150ක් සූදානමින් පවතින බවත් ඇය සඳහන් කළාය.

ජලය සැපයීමේදී යම් ගැටලුවක් මතුවුවහොත 1939ට දැනුම්දීමක් සිදුකරන ලෙස ඉල්ලීමක් කරන බවත් ඇය තවදුරටත් පැවසිය.

Exit mobile version