Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලි වැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන්

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන්

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන්

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පවසනවා.

(11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඇය කියා සිටියේ ඒ සඳහා නව සේවකයින් බඳවා ගැනීමක් සිදු නොකෙරෙන අතර අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා අනුමැතිය හිමි වී ඇති බහුකාර්ය සංවර්ධන නිලධාරීන් මේවන විට අලි වැට සංරක්ෂණය සඳහා කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම මෙරට වන ගහණය මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 32ක් දක්වා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළව වනාන්තරවල සීමා මායිම් සලකුණු කිරීම මෙම වසරේ අවසන් කිරීමට නියමිත බවයි ඇය පැවසුවේ.

ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු මස 21 වනදාට යෙදී ඇති අතර ඊට සමගාමීව දිවයින පුරා සිටින සියලුම නිවාස වෙත එක් පැලයක් බැගින් ලබාදීමට කටයුතු කෙරෙන බව සඳහන්.

Exit mobile version